අගමැතිතුමා පාර්ලිමේන්තුවේ ඔන්ලයින් අයදුම්පත පුරවා සිය තොරතුරු ලබාදෙයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (11) අරලියගහ මන්දිරයේදී සිය ධුරයේ වැඩ බාර ගැනීමෙන් සුළු මෙ‍ාහොතකට පසු පාර්ලිමේන්තුව විසින් මන්ත්‍රීවරුන් සඳහා සකස් කර ඇති ඔන්ලයින් අයදුම්පත පුරවා සිය ජීවදත්ත තොරතුරු පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය වෙත ලබා දුන්නේය.

අග්‍රාමාත්‍යවරයා විසින් ඔන්ලයින් අයදුම්පත සම්පූර්ණ කළ අවස්ථාවට පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා, සහකාර මහ ලේකම් ටිකිරි ජයතිලක මහතා ඇතුලු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ. අගෝස්තු 20 වැනි දින ආරම්භ කිරීමට නියමිත නවවැනි පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇති මන්ත්‍රීවරුන්ගේ තොරතුරු ඔන්ලයින් ක්‍රමයට ලබා ගැනීමේ ක්‍රමවේදයක් (Online Registration System) පාර්ලිමේන්තුවේ මහ ලේකම් කාර්යාලය මගින් හඳුන්වා දී තිබේ.

මහින්ද රාජපක්ෂ මහතා මෙලෙස ඔන්ලයින් අයදුම්පත සම්පූර්ණ කරනු ලැබුවේ අනෙකුත් මන්ත්‍රීවරුන්ට ඔන්ලයින් ක්‍රමයට තොරතුරු එවීම සඳහා මගපෙන්වීමක් ලබා දෙමිනි.   කෝවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ පාර්ලිමේන්තුව තුළ මේ වන විට ක්‍රියාත්මකව පවතින තොරතුරු තාක්ෂණික ක්‍රමවේදයන් උපයෝගී කර ගනිමින් ඔන්ලයින්  ක්‍රමය ඔස්සේ තොරතුරු ලබා ගැනීම සිදු කෙරෙන අතර,  එහිදී මන්ත්‍රීවරුන්ට  පාර්ලිමේන්තුවට නොපැමිණ තම ඡන්ද කොට්ඨාශ වල සිටිමින්ම මෙම කටයුත්ත සිදුකිරීමට හැකියාව ලැබේ.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *