අකුරණ කොවිඩ් 19 රෝගියා ඇඳිරි නීති වෙලාවෙත් ඇවිදින්න ගිහින්

 අකුරණ කොවිඩ් 19 රෝගියා ඇඳිරි නීති වෙලාවෙත් ඇවිදින්න ගිහින්

තමන් පසුගිය මාර්තු 15 වෙනිදා ඉන්දියාවේ සිට පැමිණි බව වසං කළ මහනුවර අකුරණ කොරෝනා ආසාධිතයා ආ ගිය ස්ථාන සහ ඇසුරු කළ පිරිස සොයා පොලිස් විමර්ශන ආරම්භ වී තිබෙනවා. ඒ අතර ඔහුගේ බිරිඳ සහ දරු දෙදෙනාත් නිරෝධායනයට ලක් කර තිබෙනවා. ඔවුන් අතරින් දෙදෙනෙකු මේ වනවිටත් උණ රෝගයෙන් පෙළෙන බව වාර්තා වෙනවා. අද උදෑසන රෝග තත්ත්වය උත්සන්න වීම නිසා මහනුවර මහ රෝහලට ඇතුළත් වීමට පෙර ඔහු පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකින් දෙවරක් ප්‍රතිකාර ලබාගෙන ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

අකුරණ අයත් වන්නේ අලවතුගොඩ පොලීසියට බැවින් ඇඳිරි නීතිය පනවා තිබූ අවස්ථාවේ ඔවුන් යොදා තිබූ මාර්ග බාධකයකදී ඒ හරහා ගමන් කළ මෙම පුද්ගලයා නවතා ප්‍රශ්න කර තිබෙනවා. එහිදී ඔහු පොලීසියට පවසා ඇත්තේ තමන් රෝහල්ගතව සිටි රෝගියෙකු බලන්නට ගිය බවත් අවශ්‍ය නම් එහි සිටින හෙදියකගෙන් ඒ පිළිබඳව ඔහුගේම දුරකතනයෙන් විමසා බලන්නට පොලීසියට අවස්ථාව දිය හැකි බවයි.

ඒ වනවිට විදෙස්ගතව සිටි පැමිණි අකුරණ හා අවට වැසියන් 110 දෙනෙකු ඔවුන් සිටින නිවෙස්වලම නිරෝධායනය කරන්නට පියවර ගෙන තිබුණත් මෙම පුද්ගලයා සත්‍ය වසං කොට තිබුණා.

Lasantha de Silva

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *