අකුණු සැරෙන් කම්කරුවන් 17ක් රෝහලේ

අකුණු සැර පතිත වීමෙන් ඇති වු කම්පනය සහ සුළු පිළිස්සුම් තුවාල හේතුවෙන් වතු කම්කරුවන් 17 දෙනෙකු අද (23) කොටගල ප්‍රාදේශිය රෝහලට ඇතුළත් කර තිබේ. 

කොටගල ඩ්‍රෙටන් තේ වත්තේ සේවය කරමින් සිටියදි අද (23) පෙරවරු 10.30 ට පමණ එම වත්තේ සවිකර ඇති දුරතතක කුළුණකට අකුණු සැර වැදී තිබේ.

අකුණු සැර වැදීමත් සමඟ ඒ අසළ සේවය කරමින් සිටි වතු කම්කරුවන් අකුණු සැරෙන් බේරිමට දිව යන අවස්තාවේ වතු කම්කරුවන් පිරිසක් ඇද වැටී තුවාල ලබා තිබෙන බව දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි සාවිත්‍රි ශර්මා මහත්මිය පැවසිය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *