අංගුලිමාල සුළඟ
දාස්පෙතියා මලෙක
නවසිය අනූ නව වන පෙත්ත ද
සැලී ගිලිහී වැටිණ
දැන් ඉතිං ඔබ
තවමත්
අර හුදෙකලා පෙත්ත
මලක් බව කියනවද?
නැතිනම්,
දහසකට එකක් අඩු වන තුරු
පෙති එකින් එක පෙති ගැසූ
අංගුලිමාල සුළඟට
බණිනවද?
-කසුන් සමරතුංග-
දාස්පෙතියා මලෙක
නවසිය අනූ නව වන පෙත්ත ද
සැලී ගිලිහී වැටිණ
දැන් ඉතිං ඔබ
තවමත්
අර හුදෙකලා පෙත්ත
මලක් බව කියනවද?
නැතිනම්,
දහසකට එකක් අඩු වන තුරු
පෙති එකින් එක පෙති ගැසූ
අංගුලිමාල සුළඟට
බණිනවද?
-කසුන් සමරතුංග-