අංගුලිමාල සුළඟ අප රැගෙන යාවි!

මගේ මතය එච්චර වැදගත් නැහැ. හැබැයි ඇත්ත, අපිට අලුත් බඩු ඕනෙ කරනවා. ඒකත් අර පොල් සම්බෝල තියරිය වගේම තමයි. ගෑනියෙකුගෙ මුහුණ, හිනාව, බැල්ම ආදී දේවල් බොහෝ දෙනා සඳට උපමා කරනවා. තව තව බොහොමයක් දේවල්වලට උපමා කරනවා. ඔය සේරම අස්සෙ රුවන් බන්දුජීව ලියනව ‘ඒකි මාරම ලස්සනයි බං පාට පාටින් සාරි ඇන්දම – කංසා කූරක් ඇද්දා වාගෙයි කොන්ඩේ ගස්සල හැරිලා බැලුවම’ කියල. මරු නේද?
එදා ‘නොසන්සුන් මොහොතක හීනයක්’ ව අපිට සමීප වෙන කසුන් සමරතුංග නම් කාව්‍යයක්කාර උසමහත මිනිසා, මෙදා ‘අංගුලිමාල සුළඟ’ක් ව අප ඉදිරියේ යෝධයෙකු මෙන් සීරුවෙනි. එය කවියට හිතැති අප කාටත් අහිංසක සතුටක් දනවන්නකි. වෘත්තියෙන් ගුරු භූමිකාව ඔස්සේ ද, විටෙක පුවත්පත් කලාවේදියකු ලෙස ද, බොහෝ විට කවියෙකු වශයෙන් ද අපට හමුවන ඔහු මේ වන විට අකුරුවලින් ශිල්ප දැක්වීමෙහිලා සැලකිය යුතු පාඨක අවධානයක් දිනාගෙන ඇති බැව් කීම අතිශයෝක්තියක් නොවේ. ඒ, මුද්‍රිත තින්ත සුවඳ හමන පත්තර පිටු, කෘති ඔස්සේ සහ ෆේස්බුක් ඇතුළු නව මාධ්‍ය ද ඇසුරෙනි. එසේනම්, මේ අකුරු අස්සෙන් ඔබට ඔහු කියවගන්න තව තවත් ඉඩකඩ විවර වනු ඇති.
–– ඔබේ දෙවෙනි කාව්‍ය සංග්‍රහයට ‘අංගුලිමාල සුළඟ’ කියා නම තැබුවේ ඇයි?
ඇත්තටම එහෙම දැම්මෙ පොතට නමක් ඕනෙ නිසා! ඒ උත්තරේ ටිකක් විහිළු හෝ විකාර සහගතයි වගේ නේද? නමුත් ඇත්තටම ඒක එහෙම නෙවෙයි. මට මුණ ගැහිල තියෙනවා නමක් නැති මිනිහෙක්. ඉතින් සමහර වෙලාවට මට හිතිල තියෙනව නමක් නැති පොත් තියෙන්න බැරිද කියල. එහෙම පොතක් කරන්න හිතිල තියෙනවා. හැබැයි මේක නෙවෙයි ඒකට වෙලාව. වෙලාව මොකද්ද කියල මං දන්නෙත් නෑ. ඒක නිසා මේ පොතට නමක් දාන්න ඕනෙ වුණා. කවි තිස්දෙක අස්සෙ තියෙන එක කවියකින් වචන දෙකක් අල්ලාගෙන ඒක කවර නිර්මාණ ශිල්පියට යැව්ව. මං හිතන්නෙ ඉතුරු ටික එයා හොඳට කළා.
— ඔබේ මෑතකාලීන කවිවල දක්නට ලැබෙන සුවිශේෂී ලක්ෂණයක් තමයි, ආකෘතිමය අත්හදාබැලීම්. මොකද්ද ඒකට හේතුව?
ඕකට තමයි කියන්නෙ මඩුවන්වෙල දිසාවෙගෙ පොල් සම්බෝල තියරිය කියල. අර තමන්ව පරික්ෂා කරල බලන්න ආපු සුද්දෙකුට මඩුවන්වෙල දිසාවෙ ප්‍රායෝගිකවම ඔප්පු කරල පෙන්නුවනෙ හැමදාම පොල් සම්බලුයි බතුයි කන්න බැහැ කියල. ඉතින් ඒ වගේ තමයි. ඉඳල හිටල පොඩි වෙනසක් කරල බලනව. සමහර ඒව හරියනව. ගොඩක් ඒව වරදිනව. ජීවිතේ වගේම තමයි. හැබැයි ඉතින් ඔය දෙකෙන් මොක වුණත් කිසි වෙනසක් නම් වෙන්නෙ නැහැ. ඒක ස්ථිරයි!
— නිර්මාණකරණයෙහිලා සංස්කරණ කාර්යයේ වැදගත්කම සහ කවියට එය බලපාන්නෙ කොහොමද?
අවංක සංස්කරණය වැදගත්. ඒක තමන් අතින් වෙන්නත් පුළුවන්. වෙන කෙනෙක් අතින් වෙන්නත් පුළුවන්. කවුරු අතින් වුණත් ඒ සංස්කරණය අවංක වෙන්න ඕනෙ. වංක සංස්කරණය හැම වෙලාවෙම අපිව මොට්ට කරනවා. පත්තර කලාවෙ මං දැකල තියෙනවා එහෙම ජ්‍යෙෂ්ඨයන් අතින් වංක සංස්කරණයට ලක්වුණ කනිෂ්ඨයන්ගෙ ලියැවිලි. එහෙම වුණාම සමහරුන්ගෙ ගමන එතැනින්ම නතර වෙන්නත් පුළුවන්. කවියට විතරක් නෙවෙයි තව බොහෝ දේවල්වලට සංස්කරණය වැදගත්. හැබැයි ඒක ඉස්සරහින් ‘අවංක’ කියන විශේෂණ පදය නිවැරදිව ස්ථානගත වෙලා තියෙනවා නම් පමණයි.

— කාව්‍යකරණයේ දී නව්‍ය උපමා, රූපක හා යෙදුම් භාවිතයේ වැදගත්කම පිළිබඳ ඔබගේ මතය?
මගේ මතය එච්චර වැදගත් නැහැ. හැබැයි ඇත්ත, අපිට අලුත් බඩු ඕනෙ කරනවා. ඒකත් අර පොල් සම්බෝල තියරිය වගේම තමයි. ගෑනියෙකුගෙ මුහුණ, හිනාව, බැල්ම ආදී දේවල් බොහෝ දෙනා සඳට උපමා කරනවා. තව තව බොහොමයක් දේවල්වලට උපමා කරනවා. ඔය සේරම අස්සෙ රුවන් බන්දුජීව ලියනව ‘ඒකි මාරම ලස්සනයි බං පාට පාටින් සාරි ඇන්දම – කංසා කූරක් ඇද්දා වාගෙයි කොන්ඩේ ගස්සල හැරිලා බැලුවම’ කියල. මරු නේද?
— සයිබර් කවියේ ඔබ දකින ප්‍රබලතා සහ දුබලතා ගැන දැනගන්න කැමතියි?
ඒ නාමකරණය ගැන පොඩි සංවාදයක් තියෙනවා. අපි ඒ සංවාදෙ දැනට ටිකක් පස්සට දාගමු. කොහොමටත් අපි කැමැති දේවල් හැම වෙලාවෙම වෙන්නෙ නැහැ. හැමදේම එහෙමයි නේද මිත්‍රයා? ඉතින් ඔබ ඔය කියන සයිබර් කවියෙත් දුබලතා ඇති; ප්‍රබලතා ඇති. අනිත් හැමදේම වගේ ඒකත් සාපේක්ෂයි. ඇල්බට් අයින්ස්ටයින් හිටියත් ඔය දෙක අතරෙ දෝලනය වෙන සංවාද කතා කරල ඉවර කරන්න බැරි වෙයි. ඒක නිසා අපි විශ්වාස කරන මතවලට එකඟව වඩා හොඳ දේ තෝරගන්න උත්සාහ කරමු.
— කාව්‍යකරණයෙහිලා දේශපාලනික හා සමාජයීය බලපෑම මොන වගේ ද?
අර කලින් ප්‍රශ්නෙට දීපු උත්තරේම මේ ප්‍රශ්නෙටත් කොපි – පේස්ට් කරන්න කියල මං යෝජනා කළොත් ඔබ ඒකට එකඟ වෙනවද? යෝජනාව මගෙන්. තෝරාගැනීම ඔබෙන්.
— ‘අංගුලිමාල සුළඟ’ හමන්නට නියමිත කොහොමද කියලම අපි දැනට නික්මෙමු නේද?
ඒක පොඩියට යන සරල වැඩක්. කතා දෙකක්, සින්දුවක් සහ තව පොඩි පොඩි වැඩ කීපයක්. විමල් කැටිපෙආරච්චි සහ මහින්ද ප්‍රසාද් මස්ඉඹුල කතා කරනවා. ළහිරු කිතලගම වැඩේ මෙහෙයවනවා. වැඩේ තියෙන්නෙ එන 13 වෙනි සඳුදා හවස තුනට. තැන ජාතික පුස්තකාල සහ ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවනාගාරය. එන්න කියල ආරාධනා කළොත් එනවද? ආරාධනාව මගෙන්. එතැනදිත් තෝරාගැනීම ඔබෙන්!
සංවාද සටහන:දුලාජ් මධුශංක දේවපුර
ස්තූතිය රැස පුවත්පත